නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩලයේ දී උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීම තහනම් කැර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි. ඉදිරියේ දී නැගෙනහිරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයාම තහනම්කැර ඇති අතර උතුරට එම ද්‍රව්‍යවලට අමතරව දුරදක්න හා යුද හමුදා ඇදුම්වලට සමාන ඇඳුම් හා රෙදි ගෙන යාම ද තහනම් කැර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඇතැම් ප්‍රදේශවලට යාමට පනවා තිබූ තහනම ද ඉවත්කැර ඔවුන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව සළසා දීමට ද ආරක්ෂක මණ්ඩලය එකඟවූයේය.

